අධික වේගය නිසා අයෙක් මරුට.. දෙදෙනකුට බරපතලයි..

2019-05-20 07:06:00       636
feature-top
යාපනය පන්නෙයි මාර්ගයේ මණ්ඩතිවි මංසන්ධිය ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් ‍පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව යාපනය පොලීසිය පවසයි.

සුඛෝපභෝගී මෝටර් රථයක් අධික වේගයෙන් ධාවනය කොට ඇති අතර මණ්ඩතිව් මන්සන්ධියේදී රථය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල කලපුවකට පෙරළී සිදුවු අනතුරකින් අදාළ කාර් රථයේ රියදුරු ජිවිතක්ෂයට පත්ව ඇති බවට පොලීසිය පවසයි.

අදාල අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇත.

අනතුර හේතුවෙන් මෝටර් රථයට දැඩි හානි සිදු වී ඇති අතරම යාපනය පොලීසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.
(under the courtesy of lankacnews.com news web)

More News »