ඇෆ්ගනිස්ථානය පැරදු අයර්ලන්තයට ලකුණු 72ක ජයක්

2019-05-20 03:27:00       631
feature-top
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟය ලකුණු 72කින් ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.

අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හිදී පැවති තරඟයේ කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව අයර්ලන්ත කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව ඔවුන් පන්දුවාර 48යි පන්දු 05ක් අවසානයේ සියළු දෙනා දැවී ලකුණු 210ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම  ක්‍රිඩාකළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 34යි පන්දු 04ක් අවසානයේ සියලු ක්‍රිඩකයින් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 138ක් පමණයි.

ඒ අනුව තරඟ 02කින් සමන්විත එක්දින තරඟාවලිය 1-0 ලෙස අයර්ලන්ත කණ්ඩායම ඉදිරියෙන් පසු වේ.


(under the courtesy of adaderana.lk news web)

More News »