බිය නැතිව පාසල් එන්නැයි හමුදාපතිත් යළි කියයි

2019-05-20 02:58:00       606
feature-top
බියෙන් හා සැකයෙන් තොරව දරුවන් හෙට පාසල් එවන්නැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සියලු මව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව රට පුරා ආරක්ෂාව තහවුරු කර ඇති බවයි ඔහු අවධාරණය කළේ.

මේ අතර දරුවන් හෙට පාසල් එවන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ද මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. සියලු පාසල්වල ආරක්ෂාව සහතික කර ඇති බවයි ඔහුද අවධාරණය කළේ.
 


(under the courtesy of nethnews.lk news web)

More News »