ප‍්‍රභාකරන් මිය ගිය දින සැමරුමට දැඩි පොලිස් ආරක්ෂාවක් දෙයි…

2019-05-19 11:05:00       659
feature-top
යුද්දය අවසන් වී වසර 10 ක් පිරීම හා අවසන් යුද්දයේදී මිය ගිය වැසියන් සහිකොට වාර්ෂීකව සිදු කෙරෙන යුද අනුෂ්මරණ උත්සවය මෙවරද දැඩි පොලිස් ආරක්ෂාවක් හමුවේ මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු තීරයේ පිහිටි යුද ස්මාර්කය ඉදිරිපිටදී සිදු විය.

ගෙවුනු වසර වලදී මුල්ලිවයික්කාල් යුද සැමරුම් දෙමළ ජාතික සන්ධානයේද සහභාගීත්වයෙන් කිසිදු ආරක්ෂක අංශ සහභාගීත්වයකින් තොරව සිදු නොකොට ඉතා ඉහලින් සැමරුවද ඊයේ (18) දින පැවති යුද සැමරුම ඊට වෙනස් වෙමින් යුද සැමරුම සිදුවූවේ පූරණ පොලිස් ආරක්ෂාවක් හමුවේ වීම විශේෂත්වයක් විය.

පසුගිය දිනයන්හි ඇති වූ බෝම්බ පිපුරුම් අනාරක්ෂිත තත්වය හේතුකොට ගෙන මුල්ලි වයික්කාල් යුද සැමරුම වෙනුවෙන් ආරක්ෂාවක් ලබා ගැනීමට සිදු වූ බවටත් මෙවර යුද අනුෂ්මරණ සැමරුම වෙනුවෙන් ප්‍රදේශවාසි සාමාන්‍ය වැසියන් පමණක් සහභාගී වූ බවට මුල්ලිවයික්කාල් යුද සැමරුමේ සංවිධායකයක කමිටුව පැවසීය.

මුල්ලි වයික්කාල් යුද අනුස්මරණ සැමරුම් අවස්ථාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, ශිවසක්ති ආනන්දන් මහතා, එස්. සිවමෝහන් හා හිටපු පලාත්සභා ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශ්වරන් හිටපු පලාත්සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම්, හිටපු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන්ද්‍රන් ඇතුලු පිරිසක් සහභාගී වී සිටි අතර යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

එහිදී මුල්ලිවයික්කාල් අවසන් යුද්දයේදී මිය ගිය වැසියන් වෙනුවෙන් මල් පහන් දල්වා මිය ගිය අයගේ ආත්මයන් වෙතට ශාන්ති පමුණවීමෙන් පසුව මුල්ලිවයික්කාල් යුද සැමරුම් කමිටුවේ පූජකතුමෙකු  විසින් මිය ගිය ජනතාවට සාධාරණයක් වෙනුවෙන් මුල්ලිවයික්කාල් ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීය.

එහදී එම ප්‍රකාශය මගින් කියා සිටියේ,

‘යුද්දය අවසන් වී වසර 10 ක් ත වී ඇතත් මේ දක්වා යුද්දදෙන් මිය ගිය ජනතාවගේ පවුල් වෙනුවෙන් හෝ මිය ගිය ජනතාවට සාධාරණයක් වෙලා නැහැ ඒ නිසා මුල්ලිවියක්කාල් යුද සැමරුම වෙනුවෙන් සහභාගී වන පිරිස් සංවිධානනයක් වශයෙන් පෙනී සිට ප්‍රතිඥාවක් දෙනවා යුද්දයේදී මිය ගිය දෙමළ ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රීලංකා රජයට හෝ එක්සත් ජාතීන්නගේ සංවිධානයට මෙතෙක් හැකිවෙලා නැහැ එම නිසා ශ්‍රීලංකා රජය ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත යුතුයි යන ප්‍රතිඥාවයි’ යනුවෙනි.


More News »