බලලා මල්ල කඩාගෙන එලියට පනී.. ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගැන ඇමරිකා-ශ‍්‍රී ලංකා ඒකාබද්ද නිවේදනයක්.. ගිවිසුම සූදානම්..

2019-05-19 09:09:00       603
feature-top
‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම අත්සන් කිරීමට ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය හා ශ‍්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව එක්ව නිකුත් කර ඇති ඒකාබද්ද ප‍්‍රකාශණයකට දැක්වෙයි.

ඇමරිකා-ශ්‍රී ලංකා හවුල්කාරිත්ව පිලිබදය පසුගියදා වොෂින්ටන්හිදී පැවති සාකච්චාවන් ගැන මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර ඇත.

මෙම සාකච්වාව සදහ ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ ඇමති තිලක් මාරපන සහභාගී විය.

ප්‍රතිත්‍රස්ත හා සමුද්‍රික, දේශ සීමා ආරක්ෂක සහයෝගීතාවය පුළුල් කිරීමට ඇමරිකාව සූදානම් බවද නිවේදනයේ සදහන් වන අතර ජාත්‍යන්තර නීති, සම්මුතීන් පදනම් කර ගනිමින් ඉන්දියා හා ශාන්තිකර සාගරවල සමුද්‍රීය බල ප්‍රදේශවල ආරක්‍ෂාව සහතික කිරීමටද දෙරට එක්ව කටයුතු කිරීමටට එකඟතාවකට පැමිණ ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »