හැඳුනුම්පත් වලට ඉල්ලූම ඉහළ යයි

2019-05-16 04:20:00       672
feature-top
ජාතික හැදුනුම්පත් ලබාගැනීම සදහා ඉල්ලූම්පත් ඉදිරිපත්වීම මේ දිනවල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එක්දින සේවය යටතේ ජාතික හැදුනුම්පත් ලබාගැනීම සදහා පමණක් දෛනිකව ඉල්ලූම්පත් 2,000 ක් පමණ ඉදිරිපත් වන බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව සේවා සැපයීමට අමතර කාර්ය මණ්ඩලයන්ද මේ දිනවල යොදවා සිටින බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

එක්දින සේවය යටතේ ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමට ඉල්ලූම්පත් භාර ගැනීම පෙරවරු 7.30 ට ආරම්භ කෙරෙන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

පවත්නා තත්ත්වය යටතේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ආරක්‍ෂාව සදහා විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

More News »