අනියම් සැමියාගේ තියුණු ආයුධ පහරින් මව සහ දියණිය මරුට

2019-05-16 03:06:00       797
feature-top
රත්නපුර-එගොඩමල්වල ප්‍රදේශයේ නිවසකදී කාන්තාවන් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

අද(16) උදෑසන 4.00 පමණ මෙම ඝාතනය සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එගොඩමල්වල ප්‍රදේශයේ පදිංචි ලාලනී පුෂ්පලතා නැමිත 43 හැවිරිදි දියණිය සහ කේ.නන්දාවතී නැමති 75 හැවිරිදි මව බව වාර්තා වෙයි.

අදාළ ඝාතනය සිදුර කර ඇත්තේ අදාළ දියණියගේ අනියම් සැමියා බවට පොලීසිය සැක පළ කරයි.

මෘත ශරිර සම්බන්ධයෙන් රත්නපුර මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමිතයි.

රත්නපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

(under the courtesy of adaderana.lk news web)

More News »