පාස්කු ඉරිදා ත‍්‍රස්තයන් මාසයක් යන්න පෙර ඇල්ලීම ගැන ලෝකයම පුදුම වෙලා.. අපට ප‍්‍රශංසාත් කලා..- අගමැති

2019-05-16 09:00:00       663
feature-top
අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන සිදු කරමින් ඇති පරීක්‍ෂණවල විශාල ප්‍රගතියක් ඇතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
මෙතරම් ප‍්‍රගතියක් කෙටි කලකින් අත්කර ගැනීම ගැන විදේශ ආයතනයන්ද මවිතයට පත්ව සිටින්නේ යයි ඔහු සදහන් කරයි.
අගමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ එජාප සන්නිවේදන බලකා ක්‍රියාකාරීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදීය.
ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී මාසයක් ගතවන්නටත් කලින් එහි සියලූ සැකකරුවන් හඳුනාගැනීමට හැකිව ඇති බවත් මෙතරම් විශාල ප්‍රහාරයකින් පසුවද මෙතරම් ඉක්මනින් පරීක්‍ෂණ කර ඒවා සාර්ථක වූ අවස්ථා ලෝකයේම ඇත්තේ ඉතා සීමිතව බවත් විදෙස් ආයතන පැවසූ බවත් ප‍්‍රශංසාවද පල කල බවත් අගමැතිවරයා සදහන් කලේය.
ප‍්‍රභාකරන්ට විරුද්දව සාක්‍ෂි ලැබුනේ ඔහුගේ පළමු අපරාධයෙන් වසර 20 කට පසුව නමුත් පාස්කු ඉරිදා ත්‍රස්තයන්ට මාසයක් ගතවීමටත් පෙර නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවී ඇතැයිද සදහන් කලේය.
(under the courtesy of lankacnews.com news web)

More News »