ජනපති ආපසු එයි.. ආරක්‍ෂක ඇමති ධුරය නැවතත් ජනපති යටතට..

2019-05-16 08:53:00       666
feature-top
දින කිහිපයක චීන නිල සංචාරයක යෙදු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද අලුයම ශ‍්‍රී ලංකාවට නැවත පැමිණ තිබේ.
ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සදහා ජනාධිපතිවරයා චීන සංචාරයේ යෙදුනු අතර චීන ජනාධිපතිවරයා ඇතුළු නායකයන් රැුසක් එහිදී මුණ ගැසී සාකච්චා කරනු ලැබීය.
මේ අතර ආරක්‍ෂක ඇමති ධුරය මෙතෙක් වැඩ බැලීමට පත් කරන ලද රුවන් විජේවර්ධන ඇමතිවරයා නැවත රාජ්‍ය ඇමති වනු ඇති අතර ජනාධිපතිවරයා යටතට අමාත්‍ය ධුරය පත් වෙයි.
(under the courtesy of lankacnews.com news web)

More News »