රජයේ බොහෝ තීන්දු තීරණ ගැන මහින්ද කණස්සල්ලෙන්

2019-05-15 05:53:00       421
feature-top
පසුගිය පාස්කු ඉරුදින සිදුවීම සම්බන්ධයෙන් රජය මේ දක්වා ගෙන ඇති බොහෝ තීන්දු තීරණ පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සෑහිමකට පත් නොවන බව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය අංශය පවසයි.
එසේවුවද ජනතාව වෙනුවෙන් අණ්ඩුව විසින් ගනු ලබන නිවැරදි තීන්දු තිරණ සම්බන්ධව අවශ්‍ය සහයෝගය දැක්වීමට විපක්ෂ නායකවරයා නිරන්තරයෙන් සුදානම්ව සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.
වර්තමානයේ රටතුළ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය තිබෙන්නේ ජනාධිපතිවරයාට හා අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විපක්ෂ නායකවරයා රජය නියෝජනය නොකර බවත් එතුමාට ඉටු කළ හැක්කේ විපක්ෂයේ කාර්යභාරය පමණක් බවත් එම නිවේදනයෙන් දැනුම් දී තිබේ.
රටේ ජාතික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළදී යෝජනා ඉදිරිපත් කිරීම සහ අදහස් දැක්වීමද ඉන් පිටතදී ජනතාව දැනුවත් කිරීමද එතුමාට කළ හැකිය.
මේ වන විටත් ජනතාව තුළඇතිවී තිබෙන අසහනකාරී තත්ත්වය හා බිය සැක නැති කිරීම සඳහා එතුමා දැනටමත් මාධ්‍ය නිවේදන හා වාචික ප්‍රකාශ මගින් ජනතාව දැනුම්වත් කර ඇති බව එම නිවේදනය මහින් දන්වා තිබේ.
(under the courtesy of adaderana.lk news web)

More News »