අයර්ලන්ත-බංග්ලාදේශ-කොදෙව් තුන්කොන් දෙවන තරගයේ ජය බංග්ලාදේශට

2019-05-08 11:41:00       157
feature-top
අයර්ලන්ත, බංග්ලාදේශ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරගය කඩුලු 08කින් ජයගැනිමට බංග්ලාදේශ කණ්ඩායම සමත්ව තිබේ.

ඊයේ(07) පැවැති තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 261ක් ලබා ගත්තේය.

ෂායි හෝප් ලකුණු 109ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණූ  264ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළේය.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් තමිම් ඉක්බාල් ලකුණු 80ක් ලබා ගත්තේය.


(under the courtesy of adaderana.lk news web)

More News »