ඔස්ට්‍රේලියානු අගමැතිට බිත්තර ප්‍රහාරයක්

2019-05-07 04:22:00       641
feature-top
ඔස්ට්‍රේලියානු අගමැතිවරයාට බිත්තර ප්‍රහාරයක් එල්ල වීමේ පුවතක් විදෙස් මාධ්‍ය අද (07) වාර්තා කර තිබුණි.

ඔස්ටේලියානු අගමැති ස්කොට් මොරිසන් මේ අකරතැබ්බයට මුහුණදුන්නේ මහා මැතිවරණය සඳහා වන ප්‍රචාරක වැඩසටහනකට එක්ව සිටි අතරතුරයි.

කාන්තා සංවිධානයක් විසින් පැවැත්වූ අදාළ සම්භාෂණයට එක්වූ අගමැතිවරයා වෙත පසුපසින් පැමිණි 25 හැවිරිදි තරුණියක් මෙසේ ඔහුගේ හිසට බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇත.

නිර්මාංශ ආහාර ප්‍රවර්ධනය සම්බන්ධ ක්‍රියාකාරිනියක් බවට සදහන් අදාළ තරුණිය පසුව අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ නමුත් බිත්තරය බිදී නොයාම හේතුවෙන් සිදුවන්නට ගිය අකරතැබ්බය මදක් අවම වූ බව සදහන්.

පසුව අදහස් දැක්වූ අගමැති මොරිසන් පැවසුවේ එම ක්‍රියාව මහත් බියගුලු කටයුත්තක් බවයි.


(under the courtesy of adaderana.lk news web)

More News »