තෙල්වලට පොර කෑ 58ක්

2019-05-07 04:21:00       630
feature-top
නයිජර් රාජ්‍යයේ නයමෙයි අගනුවර ආසන්නයේ ඉන්ධන ප්‍රවාහන ටැංකියක් පෙරලීයාමෙන් අනතුරුව හටගත් ගින්නකින් පුද්ගලයින් 58දෙනෙක් මියගොස් තිබේ.

පෙරළීගිය ඉන්ධන ටැංකියක් හදිසියේ පුපුරාගොස් ඇති අතර එහිදී විපතට පත්ව ඇත්තේ ඉන්ධන රැස්කරගැනීමට උත්සාහ කරමින් සිටි පිරිසක් බවද වාර්තා වේ.

ඉන් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගෙන් වැඩිදෙනාගේ තත්ත්වය බරපතළ බව වාර්තා වන්නේය.

නයිජර් හි නයමෙයි අගනුවර පිහිටි ඩියොරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සමීපයේ අදාළ තෙල් ටැංකිය පෙරළී ගොස් ඇත.

එම පුවත සැලවීමත් සමඟ එහි පැමිණි පිරිස අදාළ ටැංකියෙන් කාන්දු වූ ඉන්ධන එක්රැස් කරගැනීමට රැස්කමින් සිට ඇති අතර ගින්න මතුවී ඇත්තේ ඒ අතරයි.

ගින්නට හේතුව නිශ්චිතව හදුනාගෙන නැතත්, ඒ සමීපයේ තිබූ යතුරුපැදියක ඇති වූ සුලු විදුලි කාන්දුවක් මේ මහා විපතට හේතුවන්නට ඇතැයි විශ්වාස කරයි.

අනතුරින් විපතටපත් පිරිස හමුවීමට නයිජර් හි ජනාධිපති මොහමදු ඉසොව්ෆෝව් ද පැමිණ තිබේ.


(under the courtesy of adaderana.lk news web)

More News »