වෙස්ට්හැම් යුනයිටඩ් කණ්ඩායමට ජයක්

2019-05-06 01:39:00       663
feature-top
එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ ඊයේ (05) පැවැති තරගයකින් ජය වාර්තා කිරීමට වෙස්ට්හැම් යුනයිටඩ් කණ්ඩායම සමත් වුණි.

ඒ සතම්ප්ටන් පාපන්දු කණ්ඩායම පරාජයට පත් කරමිනි.

ඉතා උණුසුම් ආකාරයෙන් ආරම්භ වු තරගයේ 16 වන මිනිත්තුවේදී වෙස්ට්හැම් යුනයිටඩ් කණ්ඩායම විසින් තරගයේ පළමු ගෝලය වාර්තා කළේය.

එම අර්ධයේදී ප්‍රතිවාදී සතම්ප්ටන් කණ්ඩායමට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි වුණි.

ඒ අනුව තරගයේ පළමු අර්ධය අවසන් වුණේ ගෝල 1ට 0ක් ලෙස වෙස්ට්හැම් යුනටඩ් කණ්ඩායම ඉදිරියෙන් තබමිනි.

අනතුරුව ආරම්භ වු තරගයේ දෙවන අර්ධයේ 69 වන මිනිත්තුවේදී ද වෙස්ට්හැම් යුනටඩ් ක්‍රීඩකයන් විසින් තවත් ගෝලයක් වාර්තා කළේය.

72 වන මිනිත්තුවේදීද ඔවුන් විසින් තවත් ගෝලයක් සාර්ථක කර ගත්තේ තරගයේ ජය ගෝල 3ට 0ක් ලෙස තමන් සතු කරගනිමිනි.


(under the courtesy of adaderana.lk news web)

More News »