ජනපතිට ඉල්ලා අස්වෙන්නැයි කියා මෙක්සිකෝවේ විරෝධතා

2019-05-06 01:36:00       635
feature-top
මෙක්සිකෝ ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ඉල්ලමින් එරට ජනතාව විරෝධතාවක නිරතව ඇත.

අනද්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රදොර් මෙක්සිකෝවේ 58වන ජනාධිපතිවරයා ලෙස පත්වුනේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය.

එම ධුරයට පත්වී මාස පහක් වැනි කෙටි කාලයක් තුළ ඔහුට ජනතා විරෝධයක් පැන නැගීම විශේෂත්වයකි.

ඔබ්‍රදොර්ට එරෙහිව මෙක්සිකෝ සිටි අගනුවර පැවැත්වෙන විරෝධතාව සඳහා හය දහසක පමණ පිරිසක් එක්වී සිටියි.

විරෝධතාකරුවන්ගෙන් බහුතරය සුදු පැහැයෙන් සැරසී සිටින ආකාරයත් එහිදී දැකගත හැකියි.

රට තුළ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති බව විරෝධතාකරුවන් චෝදනා කර සිටියි.

එමෙන්ම මෙක්සිකෝ සිටි අගනුවර නව ගුවන් තොටුපළේ ඉදිකිරීම් අවලංගු කිරීම සහ රාජ්‍ය තෙල් සමාගමක මූල්‍ය ගැටලු කිහිපයක්ද මෙම විරෝධතාවට මුල් වී ඇත.

මීට සමගාමීව තවත් නගර කිහිපයකදීද විරෝධතා පැවැත්වෙන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
 


(under the courtesy of adaderana.lk news web)

More News »