නව තනතුරු හිමි වුණු තායිලන්ත රජ පවුල

2019-05-06 01:34:00       679
feature-top
තායිලන්තයේ මහා වජිරලොන්කොන් රජු විසින් රජ පවුලේ සාමාජිකයන්ට නව තනතුරු සහ පදවි පිරිනමා ඇත.

එම අවස්ථාවට රජුගේ වැඩිමහල් සොහොයුරිය වන උබොල්රතන කුමරිය සහභාගී නොවීම විශේෂත්වයකි.

තායිලන්තයේ දසවන රාම රජු හෙවත් චක්‍රී රාජ වංශයේ දස වැනි රජතුමා ලෙස මහා වජිරලොන්කොන් කුමරු සෙනසුරාදා නිල වශයෙන් අභිෂේක කළේය.

නව රජතුමා විසින් රාජකීයයන් වෙත නව තනතුරු හා පදවි පිරිනැමීමත් මේ වන විට සිදුකර ඇත.

එම අවස්ථාවට රජතුමා සමඟ ඔහුගේ නව භාර්යාව වන සුතිඩා රැජිණ, දරුවන් ඇතුළු රජ පවුලේ සාමාජිකයන් සහභාගි වී සිටියේය.

කෙසේ නමුත් රජුගේ වැඩිමහල් සොහොයුරිය වන උබොල්රතන රාජකන්‍යා කුමරිය ඊට සහභාගි වුණේ නැත.

විදේශිකයෙකු සමඟ විවාහ වීම සඳහා සිය රාජකීයත්වය අතහැරීම සහ රාජකීය සම්ප්‍රදාය බිඳ දමමින් එලඹෙන මහමැතිවරණය සඳහා අගමැති අපේක්ෂිකාවක ලෙස නාමයෝජනා භාරදීම හේතුවෙන් ඇය ආන්දෝලනාත්මක චරිතයක් ලෙස ප්‍රකටය.

අගමැති ධුරය සඳහා ඉදිරිපත් වූ ඇයගේ නාමයෝජනාව එරට මැතිවරණ කොමිසම විසින් පසුව ප්‍රතික්ෂේප කළේය.

පදවි පිරිනැමීමේ උත්සවයට සහභාගි නොවුණද උබොල්රතන කුමරිය රජුගේ අභිෂේක උත්සවයට සහභාගි වී තිබීමත් විශේෂත්වයකි.


(under the courtesy of adaderana.lk news web)

More News »