ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සංචාරයක

2019-05-06 01:32:00       699
feature-top
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බෝල්කන් කලාපයේ තෙදින නිල සංචාරයක් ආරම්භ කර ඇත.

ඔර්තඩොක්ස් දේවස්ථාන සමඟ සබඳතා තර කර ගැනීම එම සංචාරයේ අරමුණයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ (05) දිනයේදී සිය සංචාරයේ පළමු නැවතුම වන බල්ගේරියාවට පැමිණියේය.

වසර 17කට පසුව එරටට පාප්වහන්සේ කෙනෙකු පැමිණි පළමු අවස්ථාව මෙයයි.

සොෆියා ගුවන් තොටුපළේදී උන්වහන්සේ පිළිගනු ලැබුවේ එරට අගමැතිවරයා විසිනි.

එහිදී උන්වහන්සේ  ඔර්තඩොක්ස් ආගමික නායකයන් රැසක් හමුවී සාකච්ඡා සිදුකර ඇත.

මේ අතර පාප් වහන්සේ සොෆියා අගනුවර පිහිටි ශාන්ත ඇලෙක්සැන්ඩර් නෙව්ස්කි ආසන දෙව්මැදුරේ සංචාරයකටත් සහභාගි වුණි.

බල්ගේරියානු ජනගහණයෙන් අති බහුතරය ඔර්තඩොක්ස් බැතිමතුන් වන අතර කතෝලික බැතිමතුන් සිටින්නේ හැටදහසකටත් අඩු ප්‍රතිශතයකි.

ශුද්ධොත්තම පාප් වහන්සේ දින දෙකක කාලයක් බල්ගේරියාවේ රැඳී සිටින අතර ඉන් අනතුරුව සංචාරයේ අවසන් ගමනාන්තය වන උතුරු මැසිඩෝනියාව බලා පිටත්ව යනු ඇත.
 


(under the courtesy of adaderana.lk news web)

More News »