නව විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න

2019-04-29 04:03:00       129
feature-top
අතිරේක විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා ලෙසින් පත්කර තිබේ.

ඒ මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.

හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා අතිරේක විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න මහතා මෙලෙස නව විගණකාධිපතිවරයා ලෙසින් පත්කර ඇත.

විගණකාධිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ විගණකාධිපති තනතුරට පත් 40 වන නිලධාරියා වන්නේ චුලන්ත වික්‍රමරත්න මහතායි.


(under the courtesy of adaderana.lk news web)

More News »