වෙනස්වන උදර්පණ නීතිවලට එරේහිවන හොංකොං වැසියන්

2019-04-29 03:59:00       625
feature-top
උදර්පණ නීතිය වෙනස් කිරීමට එරෙහිව හොංකොං වැසියන් වීථි බැස තිබේ.

කෙසේ වෙතත් විරෝධතා ඉතාමත් සාමකාමී ලෙස පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දැනට පවතින උදර්පණ නීතිය වෙනස් කිරීමට හොංකොං බලධාරීන් පියවර ගෙන ඇත.

කෙසේ නමුත් ඊට ඇතැම් පාර්ශවයන්ගෙන් එල්ලවී තිබෙන්නේ දැඩි විරෝධයක්.

ඊට එරෙහිව පැවති මෙම විරෝධතාවට හොංකොං හි වැසියන් දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියේය.

වරදකරුවන්ට එරෙහි නඩු විභාග කිරීම සඳහා ඔවුන් චීනයට යැවීමට හැකිවන පරිඳි හොංකොංහි උදර්පණ නීතිය වෙනස් කිරීමට නව කෙටුම්පත මඟින් යෝජනා කර තිබේ.

එම කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේ නමුත් එමඟින් හොංකොංහි නීතිමය ආරක්ෂාවට තර්ජනයක් ඇතිවන බව විරුද්ධ පාර්ශවයන් පෙන්වා දෙන්නේය.

නව කෙටුම්පතට විරෝධය පලකරමින් මීට පෙරත් විරෝධතා රැසක් පවත්වා තිබුණි.

මෙහිදී හොංකොංහි නායිකා කැරී ලැම් ට විරෝධතාකරුවනගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.

හොංකොං රාජ්‍යය පාවා දුන් බවට චෝදනා කරමින් ඇයට සිය තනතුරෙන් ඉවත් වන ලෙසට මෙම පිරිස් බලකර සිටි බව විදෙස් වාර්තා සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »