කොරියානු කලාපයේ සාමය වොෂිංටනය අතේ

2019-04-27 12:39:00       706
feature-top
කොරියානු කලාපයේ සාමය පවතිනුයේ සම්පූර්ණයෙන් වොෂිංටනය මත බව උතුරු කොරියානු නායකයා පවසයි. අ‍මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රමප් සමග මේ වසර මුල දී පැවැති සමුළුව අමෙරිකාවේ අවිශ්වාසය මත අසාර්ථක වූ බව ඔහු වැඩි දුරටත් පවසයි.

කිම් ජොන්ග්-අන් මෙසේ ප්‍රකාශ කළේ රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් සමඟ පෙරේදා පැවැති සාකච්ඡාවලින් අනතුරුවය. උතුරු කොරියාවේ සංචාරයක කිරීම සඳහා තමන් කළ ආරාධනය රුසියානු ජනාධිපතිවරයා පිළිගත් බව ද නායක කිම් සඳහන් කළේය. මෙම සංචාරය නියම කාලයේ දී සිදු වූ බව උතුරු කොරියානු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි. දෙරට අතර සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමට උතුරු කොරියානු නායකයා සහ රුසියානු ජනාධිපතිවරයා පොරොන්දු වෙයි.

රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් හමුවීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් රුසියාව බලා පිටත් වූයේ ඔහුගේ සුපුරුදු දුම්රියෙනි. නායක කිම් ජනාධිපති පුටින් හමු වන ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙම හමුව ව්ලඩිවොස්ටොක් ආසන්නයේ දී පැවැත්වෙන බවත් මෙහිදී කොරියානු කලාපයේ න්‍යෂ්ටික ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවත් ක්‍රෙම්ලීනය වාර්තා කර තිබුණි. මෙහිදී න්‍යෂ්ටික අවිහරණය පිළිබඳව නායකයන් දෙදෙනා සාකච්ඡා කරනු ඇති බව ක්‍රෙම්ලිනය වාර්තා කළ ද අමෙරිකානු සාකච්ඡා බිඳ වැටීමෙන් පසු උතුරු කොරියානු නායකයා රුසියානු සහාය බලාපොරොත්තු වන බවද ඔවුන් පවසති. අමෙරිකානු ජනාධිපති සමඟ මෙන්ම දකුණු කොරියානු ජනාධිපති සමඟ ද කිම් ජොන්ග්-අන් සාකච්ඡා පවත්වනු ලැබීය. එම සාකච්ඡා යම් මට්ටමක සාර්ථකත්වයක් පෙන්නුම් කළ ද වියට්නාමයේ පැවැති කිම්-ට්‍රම්ප් දෙවැනි හමුව අවසන් වූයේ කිසිදු එකඟතාවකින් තොරවය.

කෙසේ වුවත් රුසියාවේ සංචාරය කරමින් උතුරු කොරියානු නායකයා ගේ මෙම ප්‍රවේශය ඔහුට අවාසි සහගත බව දේශපාලන විද්වතුන්ගේ මතය වී තිබේ. ඔහු මෙම සංචාරය ආරම්භ කරන්නේ අමෙරිකාව සමඟ පැවැති අවසාන සාකච්ඡා බිඳ වැටීමෙන් පසුය. ඊට පෙර අමෙරිකානු ජනාධිපති සමග මෙන්ම දකුණු කොරියානු ජනාධිපති සමඟ ද කිම් ජොන්ග්-අන් සාකච්ඡා පවත්වනු ලැබීය. එම සාකච්ඡා යම් මට්ටමක සාර්ථකත්වයක් පෙන්නුම් කළ ද වියට්නාමයේ පැවැති කිම්-ට්‍රම්ප් දෙවැනි හමුව අවසන් වූයේ කිසිදු එකඟතාවකින් තොරවය. කිම් ගේ රුසියානු සංචාරය ආරම්භ වන්නේ මෙවන් වාතාවරණයක් යටතේය.

නායක කිම් ජොන්ග් අන් ගේ පියා වන කිම් ජොන්ග්-ඉල් 2011 වසරේ දී එවකට රුසියානු ජනාධිපති වූ දිමිත්‍රි මෙද්වෙදෙව් හමු විය.

More News »