ජාතික තව්හීද් ජමාත් සංවිධානය බිහිවු හැටි

2019-04-26 05:12:00       659
feature-top
සහරාන් මව්ලවි නැමැත්තා විසින් ජාතික තව්හීද් ජමාත් සංවිධානය (NTJ) ‍ 2011 වර්ෂයේදි කාත්තන්කුඩි ප්‍රදේශයේදි බිහි වී ඇති බව යුද හමුදාව පවසයි.

මෙය ඔහුගේ අන්තවාදි දැක්ම මත සිදුවූ අතර 40 - 50ක පමණ කණ්ඩායමක් ඔහු සමඟ එක්ව තිබේ.

2017.03.10 වන දින රවුෆ් මව්ලව්වරයා නැමැත්තාගේ කණ්ඩායම සමඟ ඇතිවූ ගැටුමකින් පසුව මොහු කාත්තන්කුඩි ප්‍රදේශය අතහැර ගොස් පොලීසිය මඟ හරිමින් සැඟව සිටි ඇත.

මේ අතරතුර ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නව නායක තවුෆික් මවුලවි විසින් සහ්රාන් මවුලවි තම සංවිධානයෙන් ඉවත් කරන ලද බවට ප්‍රකාශ කර තිබේ.

ඉන්පසු සහ්රාන් මවුලවි විසින් දහරුල් අදර් නැමති සංවිධානය පිහිටුවා ඔහුගේ ඉගැන්වීම්වලට ගැති පිරිස් ඒකරාශී කර ගෙන ඇති බව ද වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් අන්තවාදි සංවිධාන බිහිවීම, ව්‍යාප්තිය සහ වර්ථමාන තත්වය පිළිබඳව අද(26) වන දින ජනාධිපති නිළ නිවස තුළදි පවත්වන ලද  සාකච්ඡාවේදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජන ව්‍යාප්තිය සහ විවිධ නිකායන් පවතින අතර, එය පහත අනුව බෙදා දැක්විය හැකියි.
(under the courtesy of adaderana.lk news web)

More News »