ගල් අඟුරු ඔසවන් යන අපූරු තරගාවලිය

2019-04-24 08:03:00       699
feature-top
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ දී අපූරු තරගාවලියක් ඊයේ (22) පැවැත්වුණි.

එම තරගාවලිය ගල්අඟුරු උසුලාගෙන යාමේ තරගාවලිය ලෙස නම් කර තිබුණි.

මෙම ගල්අඟුරු උසුලාගෙන යාමේ තරගාවලියේ 56 වැනි අදියර ඊයේ නිමාවට පත්වුණි.

ගල්අඟුරු උසුලාගෙන යාමේ තරගාවලියේ දී ගල්අඟුරු ගෝනියක් තරගකරුවන්ගේ උරහිස් මතින් කිලෝමිටරකයක් පමණ දුරක් රැගෙන යා යුතුය.

මෙහිදි ක්‍රීඩකයන් කිලෝග්රෑම් 50ක බරකින් යුක්ත ගල් ගල්අඟුරු ගෝනියක් උසුලාගෙන යා යුතු අතර ක්‍රීඩිකාවන් කිලෝ 20ක බරකින් යුත් ගල්අඟුරු ගෝනියක් උසුලාගෙන යා යුතුය.

එම තරගයේ පිරිමි අංශයේ ජය හිමි කර ගැනීමට ඩර්හම් ප්‍රාන්තයේ පදිංචි ගොවියෙකු වන ඇන්ඩෘ කොරින් සමත් වුණි.

ඔහු එම අභියෝගය නිම කිරීමට ගත කළ කාලය මිනිත්තු 4යි තත්පර 32කි.

මෙම තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාව දිනාගත්තේ ජිනි මස්ටර් විසිනි.

ඇය මෙම අභියෝගය නිමා කළේ මිනිත්තු 4යි තත්පර 42කිනි.


(under the courtesy of adaderana.lk news web)

More News »