නිදහසට කාරනා වැඩක් නෑ..රොත්ත පිටින්ම ඉල්ලා අස්වෙන්න ඔ්නෑ..රට ආනාරක්‍ෂිතයි..භීෂණයක් ඇවිල්ලා- ෆොන්සේකා

2019-04-24 01:40:00       657
feature-top
ලංකාවට එල්ල වූ ආකාරයේ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් වෙනත් රටකට එල්ල වූයේ නම් රොත්ත පිටින්ම ඉල්ලා අස්වෙන බවත් නමුත් ලංකාවේ එසේ සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

ප‍්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු නිදහසට කරුණු කීමෙන් පලක් නැති යයිද කී ඔහු සියළු දෙනා විසින් වරද බාර ගත යුතු බවත් සදහන් කලේය.

නිදහසට කරුණු කොතරම් කියූවද ඒවා පිලිගැනීමට සූදානම් නැති බවත් ජනතාවද ඒවා පිලි නොගන්නා බවත් කී මන්ත‍්‍රීවරයා ප‍්‍රහාරය හේතුවෙන් ජනතාව පහර කෑ බවත්, රට අස්ථාවර වූ බවත් නීතිය-ආරක්ෂාව නැතිව ගොස් භීෂණයක් පැමිණ තිබෙන බවත් කීය.

තමන් ෆීල්ඩ් මාෂල් වූයේ කඩල විකුණා නොවන බවද කී ඔහු තව දුරටත් කියා සිටියේ තමාගෙන් ප‍්‍රායෝජන ගන්නේ නම් වැඩ කිරීමට සූදානම් බවයි.
(under the courtesy of lankacnews.com news web)

More News »