බෝම්බ ප‍්‍රහාර ගැන ලංකාවේ ප‍්‍රකාශ නවසීලන්තය ප‍්‍රතික්‍ෂෙප කරයි..කිසිදු සාක්‍ෂියක් නැති බව අගමැතිනිය කියයි..

2019-04-24 10:43:00       657
feature-top
ශ‍්‍රී ලංකාවේදී පාස්කු ඉරිදා දිනයේ සිදුව ඇති බෝම්බ ප‍්‍රහාරවලට පසුගියදා නවසීලන්ත ඉස්ලාම් පල්ලිවලට එල්ල කරන ලද ප‍්‍රහාරයන්ගේ සම්බන්ධයෙක් ඇති බවට කිසිදු බුද්ධි අංශ තොරතුරක් නැති බව නවසීලන්ත අගමැති ජසීඩා ආර්ඩර්න් පවසන්නීය.

ශ‍්‍රී ලංකාවේ බලධාරීන් සිදු කරන ප‍්‍රකාශ සනාථ කල හැකි කිසිදු බුද්ධි තොරතුරක් නැතැයිද පවසන ඇය ශ‍්‍රී ලංකාවට එල්ල වූ ප‍්‍රහාර සම්බන්ධයෙන් ඔවුන් තවමත් සිටින්නේ පරීක්‍ෂණවල මුල් අදියරේ නිසා එවන් ප‍්‍රකාශ තහවුරු කිරීමට කිසිදු බුද්ධි සාක්‍ෂියක් නැති බවද කියා සිටින්නීය.

රොයිටර් පුවත මෙතනින්
(under the courtesy of lankacnews.com news web)

More News »