පිපිරීම්වලින් පසු දින යාපනයට පලා ආ 09ක් කොටු

2019-04-24 09:17:00       932
feature-top
කොළඹ ඇතුළු ස්ථාන කිහිපයක පසුගිය 21 වැනිදා සිදු වූ බෝම්බ පිපිරීම් සිද්ධියට විවිධ අන්දමට සහය ලබා දී ආරක්ෂාව පතා යාපනයට පලා ආ බවට සැක කරන පුද්ගලයින් 09 දෙනෙකු ඊයේ 23 සවස වන විට යාපනයේ විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලින්ම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් යාපනයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලද්දේ බෝම්බ පිපිරීමේ දිනයට පසු දිනයේ උදෑසන යාපනය බස් නැවතුම්පොළෙන්.

ඔහුව යාපනය පොලීසියට බාර දී සිදු කෙරුණු ප්‍රශ්න කිරීම් අනුව ලැබුණු තොරතුරු මත යාපනයේ විවිධ පළාත්වලින් සැකසහිත පුද්ගලයින් හමු වී තිබෙනවා.

දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 09 දෙනා බෝම්බ පිපිරීමේ දිනයට පසු දිනයේ යාපනයට පැමිණි පිරිස් වන අතර ඔවුන් යාපනයට පැමිණීමට හේතුව නිවැරදි ලෙස ප්‍රකාශ කිරීමට අසමත් වූ බව යාපනයේ ආරක්ෂක අංශ කියා සිටිනවා.

අත්අඩංගුවට ගත් පිරිස අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා. මේ අතර මන්නාරමේදී අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනාද අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බවයි වාර්තා වුණේ.
(under the courtesy of nethnews.lk news web)

More News »