"බූර්කාව ගලවා ඇතුල් වන්න"මිනිසුන් වෙනස් වෙමින් පවතියි - රට පුරා ව්‍යාපාරික ස්ථාන වලින් පණිවිඩයක්!

2019-04-23 01:45:00       1400
feature-top
සමස්ත ශ්‍රී ලංකාවම බියෙන් තැති ගැන්වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙරට ක්‍රියාත්මක අන්තවාදි ඉස්ලාම් සංවිධාන පිළිබඳව ජනතාව අතර විශාල බියක් සහ කම්පනයක් ඇතිව තිබේ.

මේ සමගම දිවයිනේ බොහෝ ව්‍යාපාරික ස්ථාන ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී විශේෂ ආරක්ෂක නීතියක් පනවා තිබෙන අයුරු දැක ගත හැකි වේ.

එනම් ජාතික ආරක්ෂාවටද තර්ජනයක් වන සම්පූර්ණ ශරීරයම ආවරණය වන "බුර්කාව හා නිකාබය" ආකාරයේ ඇදුම් වලින් සැරසුනු පුද්ගලයන් සිය ව්‍යාපාරික ස්ථාන වලට ඇතුලත් කර නොගැනීමට ව්‍යාපාරිකයන් තීරණය කර තිබීම‍යි . ව්‍යාපාරිකයන් එක්ව සිය ව්‍යාපාරික ස්ථාන වල දැන්වීමක් පළ කරමින් පවසන්නේ "බුර්කාව ගලවා ඇතුලු වන්න" ලෙසටයි.

බුර්කාව සහ නිකාබය මෙරට සම්ප්‍රදායික මුස්ලිම් ඇදුමක් නොවන අතර එය මෑත කාලයේ අරාබි සංවිධාන වලින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට හඳුන්වා දුන් ඇදුමකි. මෙම ඇඳුමෙන් සැරසෙනා පුද්ගලයෙකුට පහසුවෙන්ම ඕනෑම භාණ්ඩයක් සිය ශරීරයේ සගවා ගෙන ප්‍රවාහනය කිරීමේ හැකියාවද ලැබී තිබේ.

පසුගිය පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ද එක්ව සිටි අතර නිකාබය හෝ බුර්කාව ඇද සිටින්නෙකුට පහසුවෙන්ම මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකු ලෙසටද කටයුතු කිරීමේ හැකියාව ලැබී තිබෙන බවටද සමාජ කතාබහක් ඇතිව තිබේ.

ව්‍යාපාරික ස්ථාන වල පළ කර තිබූ දැන්වීම් කිහිපයක් පහතින්,
(under the courtesy of nethgossip.lk news web)


More News »