සජිත්-රවි දෙදෙනාම මං කියන දෙයක් අහන්නේ නෑ-අගමැති රනිල් කියයි..

2019-04-20 11:15:00       768
feature-top
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස හා උප නායක ඇමැති රවි කරුණානායක අතර ඇති මෑතක දී ඇතිවී තිබෙන උණුසුම් ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු එය සමනය කිරීම සඳහා මැදිහත් වී තිබේ.

පසුපෙල මන්ත‍්‍රී පිරිසක් මේ සම්බන්ධයෙන් පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර රවී බැඳුම්කර හොරා යයි සජිත් කියන බවත් මේ ආකාරයෙන් ප්‍රකාශයන් එළිපිට කරද්දී විපක්ෂයේ චෝදනා නිවැරදි යැයි ජනතාව සිතනු ඇතැයි පෙන්වා දී ඇත.

එහිදී අගමැතිවරයා පවසා ඇත්තේ මෙම දෙදෙනාම තමන් කියන දේ අහන පුද්ගලයන් නොවන නමුත් දෙදෙනාට අවවාද කරන බවත්ය.

පොරොන්දු වූ පරිදිම අගමැතිවරයා රවී කරුණානායක හා සජිත් ප්‍රේමදාස ඇමතිවරුන් දෙදෙනාටම දුරකථනයෙන් අමතා උපදෙස් ලබාදී ඇත්තේ ගැටුම් එළිපිට කතා නොකර පක්ෂය තුළම විසඳා ගන්නා ලෙසයි.
(under the courtesy of lankacnews.com news web)

More News »