කුමන දිවියෙක් පැන කම්කරුවෙක් බෙල්ලෙන් ඇදගෙන කැලේට ගොස් මරා දමයි-Video

2019-04-20 10:34:00       657
feature-top
ඊයේ දිනයේ දිවියෙකු පහර දීම හේතුවෙන් කුමන ජාතික වනෝද්‍යානය අසල සේවය කල පුද්ගලයෙකු මරණයට පත්ව ඇත.

වනෝද්‍යනය අසල කම්කරුවන් පිරිසක් සේවය කරමින් සිට දිවා ආහාරය ගෙන සිටියදී දිවියෙක් පැන කම්කරුවෙක් බෙල්ලෙන් සපාගෙන ඇදගෙන ගොස් තිබේ.

සුළු වේලාවකට පසුව වනජීවී නිලධාරීන්ද සමග කම්කරුවා සොයාගෙන ඇතත් ඒ වන විටත් ඔහු ජීවිතක්‍ෂයට පත්ව සිට ඇත.

එම අවස්ථාවේදීද සැගවී සිටි දිවියා ජීප් රථයේ රියදුරුට පහර දී ඇති අතර තුවාල ලත් රියදුරු රෝහල්ගත කර ඇත.

අදාල සිදුවීම වූ ප‍්‍රදේශය මේ වන විට සංචාරකයන්ට තහනම් කලාපයක් කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

More News »