ජනපති ඝාතන කුමන්ත‍්‍රණ පරීක්‍ෂණ තවත් දැඩි වෙයි..නදිමාල් පෙරේරාගෙන් ප‍්‍රශ්න කෙරේ..

2019-04-19 01:21:00       2413
feature-top
ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් ගායන ශිල්පී නදිමාල් පෙරේරාගෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ ප‍්‍රශ්න කර තිබේ.

දැනට කරන ලද විමර්ෂණවලදී හෙලිව ඇත්තේ අදාල කුමන්ත‍්‍රණයේ ප‍්‍රධාන සැකකරුවකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ ගායන ශිල්පි අමල් පෙරේරා, නදීමාල් පෙරේරා සමගින් සමීප ඇසුරක් තිබූ බවයි.

පාතාල නායක මධුෂ්ද මෙම කුමන්ත‍්‍රණයට සම්බන්ධ යයි එල්ල වන චෝදනා මත ඊයේ දිනයේ මෙම ප‍්‍රශ්න කිරීම සිදු කර ඇත්තේ මධුෂ් සහ අමල් පෙරේරා අතර සම්බන්ධතාව ගැන තොරතුරු හෙලි කර ගැනීමටයි.
(under the courtesy of lankacnews.com news web)

More News »