ජනාධිපතිගේ වැඩපිලිවෙල දොහොත් මුදුන් තබා පිළිගතයුතුයි..ඇමති සජිත්ගෙන් පෙරලිකාර ප‍්‍රකාශයක්-Video

2019-04-18 08:57:00       1500
feature-top
අද වන විට රට තුළ මත්කුඩු විනාශ කිරීම වේගයෙන් සිදුකිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිලිවෙල ගැන සතුටු විය යුතු බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රජයක් ලෙස ජනාධිපතිතුමන්ගේ පියවර අප සියලු දෙනා දොහොත් මුදුන් තබා පිළිගතයුතු යයිද ඇමතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අගුනුකොලපැලැස්ස ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

ජනතාවට සේවය කරන බවට මැතිවරණ කාලයේදී වේදිකාවල කියූ ඇතමුන් මැතිවරණයෙන් පසු තමන්ටත් පවුලේ උදවියටත් ගසාකෑම් සිදු කරන බවද ඇමැතිවරයා චෝදනා කළේය.

තමන්ගේ මඩි තරකර ගැනීමේ න්‍යාය පත්‍රයක් අනුගමනය කළහොත් සංවර්ධන න්‍යාය පත්‍රය සහ මඩි තරකර ගැනීමේ න්‍යාය පත්‍රය අතර පරස්පරයක් ඇති වන බව ද ඇමතිවරයා එහිදී තවදුරටත් පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »