වසර 04කින් එක්දින තරගයක් නෑ.ක‍්‍රිකට් දිවියටම එක්දින තරග 17යි.ලකුණු 190යි.06 පහර එකක්වත් නෑ-ලෝක කුසලාන දිනන්න යන ලංකා නායකයාගේ වාර්තාව Cricinfo පෙන්වයි

2019-04-18 08:53:00       1999
feature-top
ලබන මාසයේදී එංගලන්තයේ ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා දිමුත් කරුණාරත්න පත්කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවිවල විවේචනාත්මක අදහස් පලවෙමින් තිබේ.

espncricinfo වෙබ් අඩවිය අනුව (Link) දිමුත් කරුණාරත්න අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2015 වසරේ මාර්තු 6 වෙනිදා එංගලන්තයට එරෙහිවයි. එනම් වසර හතරක කාලයක් ඔහු එක්දින තරග ක්‍රීඩා කර නැත.

ඉදිරිපෙල පිතිකරුවෙක් ලෙස කණ්ඩායමට එක්වන කරුණාරත්න ක‍්‍රිකට් දිවියේදී එක්දින තරඟ ක‍්‍රීඩා කර ඇත්තේ 17ක් පමණක් වන අතර එහිදී ඉනිම 13 දී ලබාගෙන ඇත්තේ ලකුණු 190 පමණි.

ඔහුගේ හොඳම ලකුණු ලබා ගැනීම කුණු 60 ක් වන අතර සාමාන්‍ය ලකුණු ලබා ගැනීම 15.8 ක් ලෙස ඇතුළත් වේ.

සිය එක්දින ක්‍රීඩා ජීවිතයේ කිසිදු අවස්ථාවක හයේ පහරක් එල්ල කර නැති මෙම ශ්‍රී ලංකා නව නායකයා මුළු එක්දින දිවියේ පුරාම එල්ල කර ඇති හතරේ පහරවල් ගණන 14 කි.

ශතක කිසිවක් වාර්තා කර නැති ඔහු අර්ධ ශතක ලබා ගෙන ඇත්තේ එකක් පමණි.

ශ‍්‍රී ලංකාව මෙතෙක් ලෝක කුසලාන තරගාවලියක නායකත්වය දැරීම සදහා නම් කර ඇති අඩුම අත්දැකීම් ප‍්‍රමාණය ඇති නායකයා දිමුත් කරුණාරත්න විය හැක.

කෝටියකට ආසන්න මාසික දීමනාවක් ගෙවමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ බංග්ලාදේශයටද රහසින් මෙරටට ගෙන එන ලද්දේ 2019 ලෝක කුසලානය සදහා කණ්ඩායම සකස් කිරීමට බව කියමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »