විදුලිය බිඳවැටුණු පරිශ‍්‍ර හතලිස් දෙදහසක් තවමත් අඳුරේ

2019-04-16 09:09:00       333
feature-top
රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක සිදුවූ විදුලි බිඳ වැටීමෙන් පාරිභෝගිකයින් 42,000ක් පමණ පීඩාවට පත්ව සිටිනවා.

හෝමාගම, කොට්ටාව, හොරණ, අවිස්සාවේල්ල, පාදුක්ක සහ හංවැල්ල යන ප‍්‍රදේශවලට ඊයේ (15) සවස 06.00ට පමණ මෙලෙස විදුලිය බිඳ වැටුණු බවයි විදුලිබල අමාත්‍යාංශය පැවසුවේ. ඒ අනුව පීඩාවට පත් පාරිභෝගිකයින් දැන් පැය 12කටත් වැඩි කාලයක් තිස්සේ සිටින්නේ අඳුරේයි.

ගස් කඩා වැටීමෙන් හානි වූ අධිසැර රැහැන් මේ වනවිට යථාතත්ත්වයට පත් කර තිබෙනවා. එහෙත්, හානි වූ අඩුසැර රැහැන් යථාතත්ත්වයට පත් කිරීම තවදුරටත් සිදු කෙරෙමින් ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය පැවසුවේ. පන්නිපිටිය ප‍්‍රදේශයේ පිහිටි ට‍්‍රාන්ස්ෆෝමරයක අලුත්වැඩියාවන් ද තවදුරටත් සිදු වනවා.
 


(under the courtesy of nethnews.lk news web)

More News »