අගමැතිට අලුත් අවුරුද්දේ මුලින්ම කබ්රාල්ගෙන් දරුණු චෝදනාවක්

2019-04-16 08:59:00       439
feature-top
මහ බැංකුව විසින් කළ යුතු කාර්යයන් අද වන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කිරීමට යන බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

බැංකු පොලී අනුපාතයන් 2% කින් අඩු කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෑතකදී පවසා තිබුණත් බැංකු පොලී අනුපාත පාලනය කිරීම අගමැතිවරයාගේ කාර්යක් නොව මහ බැංකුවේ කාර්යයක් බවත් කබ්රාල් මහතා පෙන්වා දුන්නේය.

අද වන විට රටේම ආර්ථිකය බරපතළ අවුලකට ඇද වැටී ඇත්තේ මේ නිසා බවත් මෙය වහා වෙනස් නොකළ හොත් රටට මහා හානියක් සිදුවන බවත් ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අලුත් අවුරුද්දට සුභ පැතීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ල කාල්ටන් නිවසට ගොස් එහි සිටි මාධ්‍යවේදීන් අමතමිනි.

මහා විශාල ආයෝජනයන් සිදු කරන බව දිනපතා තැන තැන කීවද කිසිදු ආයෝජකයෙක් මේ රටට නොඑන බවත් වත්මන් රජය වෙනස් වන තුරු කිසිවෙකු මෙහි ආයෝජනයක් නොකරනු ඇති බවත් හිටපු මහ බැංකු අධිපතිවරයා එහිදී තව දුරටත් කියා සිටියේය.

More News »