සොරකම් කළ කෝටි දෙකහාමාරේ මැණිකක් සමග 4ක් අත්අඩංගුවට

2019-04-15 11:44:00       368
feature-top
ඉකුත් මාර්තු මාසයේදී මීගමුව ප්‍රදේශයේ හෝටලයකදී විකිණීමට රැගෙන ආ මැණික් ගලක් සහ අයිතිකරු පැහැරගෙන ගෙන ගොස් එම අයිතිකරුගෙන් රුපියල් 50000ක මුදලක් සහ මැණික් ගල කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සොරකම් කරන ලද රුපියල් කෝටි දෙකහාමාරක් වටිනා මැණික් ගල සහ ඊට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (14) දහවල් හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනයේදී වයස අවුරුදු 32, 34, 39 සහ 48 යන වයසේ පසුවන මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් වයික්කාල, හෝමාගම, බංගදෙණිය, වඩුමුන්නේගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

මෙම සැකකරුවන් අද (15) දින මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 


(under the courtesy of nethnews.lk news web)

More News »