කාන්තා 20යි 20 තරගයේ ජය එංගලන්ත පිලට

2019-03-27 11:31:00       677
feature-top
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුළු 8 කින් ජය ගැනීමට එංගලන්ත පිල සමත් විය.

ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය හිමි කර ගැනීමට එංගලන්ත කාන්තා පිල සමත්ව තිබේ.

පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ තරගයේ ප්‍රතමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවි ලකුණු 108ක් රැස් කර ගත්තේය.

 එහිදි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු රැස් කළ ලකුණු සංඛ්‍යා 24ක්.

එංගලන්තය වෙනුවෙන් කැත්‍රින් බ්‍රේන්ට් ලකුණු 31 ට දවා ගත් කඩුළු  සංඛ්‍යාව 2 ක්.

ලකුණු 109ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි එංගලන්ත කාන්තා පිල පන්දුවර 13 යි පන්දු 5කදී කඩුළු 2 ක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසු කර ගියේය.

මේ වන විටත් තරගාවලියේ ජය හිමි කර ගැනිමට එංගලන්ත කාන්තා පිල සමත්ව තිබේ.


(under the courtesy of adaderana.lk news web)

More News »