මහින්දගේ විපක්‍ෂ නායකකම නැති කරන්න ශ‍්‍රීලනිප පිරිසක් සාකච්චා..ගෝටාට අපේක්‍ෂකත්වය දුන්නාට විරුද්දවලු

2019-03-26 05:01:00       600
feature-top
පාර්ලිමේන්තුවේ වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ විපක්‍ෂ නායක ධුරය ඉවත් කිරීම සදහා සාකච්චාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීන් කිහිප දෙනෙකු අතර සිදුව ඇතැයි සිරස රූපවාහිනිය වාර්තා කලේය.

ශ‍්‍රීලනිප හා පොහොට්ටු සන්ධාන සාකච්චා පැවැත්වෙමින් යන අතරවායේ තම පාර්ශවයේ එකගතාවයකින් තොරව ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කිරීම හේතුවෙන් මෙම පියවර ගත යුතු යයි ඔවුනතර සාකච්චා වී ඇති බවද එහි කියැවින.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙම හමුවට සහභාගී වී නැති බවත් ඔවුන් තව දුරටත් සදහන් කලහ.
(under the courtesy of lankacnews.com news web)

More News »