"මට දීලා තියෙන්නේ බිම් බෝම්බයක් වගේ අමාත්‍යාංශයක්..සති දෙක තුනක් යනකම් මිනිස්සු මට බනීවි"- ඇමති රවී ජනතාවගෙන් සමාව ඉල්ලයි

2019-03-26 08:53:00       589
feature-top
2015දීත් තමාට ලැබුණේ ගැටලු රාශියක් තිබූ  අමාත්‍යංශයක් බවත් මෙවරද ලබාදී ඇත්තේ බෝම්බයක් වැනි අමාත්‍යංශයක් බවත් විදුලි බල හා බලශක්ති, ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණනායක මහතා සඳහන් කරයි.

 "පවතින අධික උෂ්ණතවය මත විදුලි ඉල්ලුම 15% කින් වැඩිවෙලා. එමෙන්ම බලාගාරයන්හි දෝෂ සහගත තත්ත්වයන් නිසා යම් අභියෝගාත්මක වකවානුවකට විදුලි ක්ෂේත්‍රය පත්වෙලා. අප්‍රේල් මාසේ මැද වෙද්දි මේ තත්ත්වය සමනය වේවි. ඉල්ලුමේ යම් අඩුවක් ඇති වේවි.

ඒ සමගම අපි තාවකාලිකව නව ජනන සැලැස්මකට යනවා. අපි ඉතිහාසයට බැනලා වැඩක් නැහැ. තමන් අරපරිස්සමෙන් විදුලිය පරිහරණය කරනවානම්, කප්පාදුවකට නොයා ඉන්න පුළුවන්. හිගයක් පවතිනවා. ඒක හංගන්න අවශ්‍ය නැහැ.

නමුත් තිබෙන විදුලි ප්‍රමාණය අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා නම්, අපිට ගැටළුවක් ඇති නොවේවි. අපි ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා. සමහරු අහනවා ඇයි කියන්නේ නැත්තේ කියලා. අමාත්‍යාංශයක් බාර අරන් දින 71 කින් ඒ අමාත්‍යාංශයේ ඇතිවන ගැටළු වලට කොහොමද පිළියම් සොයන්නේ.

මට දීලා තියෙන්නේ බිම් බෝම්බයක් වගේ අමාත්‍යාංශයක්. නමුත් මාස 02 ක් 03 ක් යද්දි ඉතාමත් ශක්තිමත් අඩිතාලමක් මත කටයුතු කරලා, තවත් කිසිම අමාත්‍යවරයෙක්ට මේවගේ ප්‍රශ්න කවදාවත් ඇකි නොවන විදියට කටයුතු කරනවා. 2015 දී මට ලැබුණේ දණ ගහලා, වට්ටලා තිබුණ අමාරු අමාත්‍යාශයක්.

මේ පාරත් මට ලැබුණේ යටිතල පහසුකම් අතින් අමාරුම අමාත්‍යාංශයක්. නමුත් අහිංක කජනතාවට වැඩියෙන් උදව් කරන්න පුළුවන් අමාත්‍යාංශයක්. සතියක්, දෙකක්, තුනක් මට බනීවි. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීලා නැහැ මේතාක් කාලයකට.

දැන් තමයි අපි ඒ තත්ත්වය ගොඩනගාගෙන යන්නේ. නමුත් අපි හදිසි විදුලිය මිලදී ගැනීමකට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට වඩා යෝග්‍ය දීර්ඝ ජනන සැලැස්මකටයි අපි යන්නේ "


(under the courtesy of nethgossip.lk news web)

More News »