බැදුම්කර අප්පොච්චා රිමාන්ඩ්..රටම උඩු යටිකුරු කරමින් ප‍්‍රබලයෙක් අත්අඩංගුවට ගන්න යයි-Video

2019-03-26 08:47:00       610
feature-top
සුප‍්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්දයෙන් සැක පිට අද දිනයේ අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් 05 දෙනා අපේ‍්‍රල් මස 05 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණය අද දිනයේ නියෝග කලේය.

මෙසේ රිමාන්ඩ් කරන ලස්සේ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස්ගේ පියා වන එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු හා මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි පිරිසයි.

මේ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඉදිරි දින කිහිපය ඇතුලත මෙම චෝදනාට අදාලව චෝදනා එල්ල වී ඇති මෙරට ප‍්‍රසිද්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගැනෙනු ඇති බවයි.

එය දේශපාලන ලෝකය උඩු යටිකුරු කරනු ඇති බවත් විදේශයන්හි පවා අවධානය යොමු වනු ඇති බවත් තව දුරටත් වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

More News »