ඇමති තිගාම්බරම් ශ්‍රේෂ්ඨ නායකයෙක් - මංගල

2019-03-26 08:41:00       601
feature-top
ඉන්දීය රජයේ ආධාර යටතේ සහ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය එක්ව කොත්මලේ හැල්බොඩ වතුයායේ ඉදිකරන ලද නිවාස 98 කින් යුතු බගත් සිං පුරම් නව ගම්මානය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

මේ සඳහා වැයකර ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 113 කි. ඉන් රුපියල් මිලියන 98 ක් ඉන්දීය රජයෙන් ලබා දී ඇති අතර අමාත්‍යාංශය මඟින් රු මිලියන 15 ක් වියදම් කර තිබෙ.

මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේ වැවිලි ප්‍රජාවට අභිමානවත් ලෙස ජීවත්වීමට හැකි පරිසරයක් මේ වන විට රජය විසින් උදාකර දී ඇති බවයි. ඒම අභිමානවත් ජීවිතයක් වැවිලි ප්‍රජාවට උරුම කර දීම සඳහා අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා කැපවී කටයුතු කරන බව තමන් හොදහැටි දන්නා බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

රටපුරා වැවිලි ප්‍රජාව ජීවත්වන ප්‍රදේශ වල අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා නිවාස ඉදිකරමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ මැයි මාසයේදී මාතර ප්‍රදේශයේද වැවිලි ප්‍රජාවට ගම්මානයක් ඉදිකිරීම සඳහා මුල් ගල් තබන බවයි.

ඒන්ටර් ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන යට‌තේ වැවිලි කරයේ ජීවත්වන තරුණ තරුණයින්ට ද ණය පහසුකම් ලබා දෙන ස්වයං රැකියා ආරම්භ කිරීමට අවස්ථාව සලසා දෙන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. තිගාම්බරම් අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨ නායකයෙකු බවට අද දවසේද ඔප්පු කර පෙන්වා අවසන් බව අමාත්‍ය මංගල සමරවීර පැවසීය. ඒ පක්ෂ පාට බේදයකින් තොරව නිවාස අවශ්‍ය පුද්ලයින්ට නිවාස ලබා දෙමින් බව මංගල අමාත්‍යවරයා කියා සිටියේය. ලබා දුන් නිවාස 98 න්ද වැඩි පිරිසක් පලනි තිගාම්බරම් මහතාගේ පාක්ෂකයින් නොවන බවද මංගල සමරවීර අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහදී අදහස් දැක්වූ අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා,

“අද වතුකරයේ ඇතැම් දේශපලඥයින් නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකරන බවට වතුකරයේ ජනතාවට බොරු පොරොන්දු ලබාදෙනවා. අගමැතිතුමා වතුකරයේ ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා පූර්ණ බලය ලබාදීලා තියෙන්නේ මට. මට හැර වතුකරයේ කිසිවෙකුටත් නිවාස ඉදිකිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අවස්ථාවාදී දේශපාලඥයින්ගේ කතා වලට රැවෙටෙන්නට එපා කියලා මම ඉල්ලා සිටිනවා” යැයි පැවසීය.

මෙම රැස්වීමේදී අදහස් දැක්වූ ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහාතා කියාසිටියේ වතුකරයේ ජනතාවට නිසි ප්‍රජා අයිතිය ලැබී ඇත්තේ වත්මන් රජය යටතේ බවයි. වතුකම්කරුවෙකුට ඉඩමක් සහිත නිවසක් සහ එම නිවසට අදාළ හිමිකම් ඔප්පුවද ලැබීම නිසි ප්‍රජා අයිතිය බව යනුවෙනි.

පර්චස් 07 ක ඉදිකෙරෙන මෙම සෑම නිවසකම අයිතිය අදාළ පුද්ගලයින්ට ලබාදෙමින් නිරවුල් ඔප්පු ලබාදීමේ වැඩසටහනද කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු පලනි තිගාම්බරම් මහතාගේ උපදෙස් පරිදි මේ වන විට සාර්ථකව සිදු කෙරේ.
(under the courtesy of lankacnews.com news web)

More News »