ජාතික ආණ්ඩුවක් ගැන සඳහන් කරමින් එජාපයෙන් ජනපතිට ලිපියක්

2019-03-26 08:40:00       600
feature-top
එක්සත් ජාතික පක්ෂයට සහය පළ කිරීම සඳහා එක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකුට අමාත්‍ය ධුර ලබාදෙන ලෙස ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ, එක්සත් ජාතික පක්ෂය විසින්.

විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඒ. එච්. එම්. ෆවුසි යන මන්ත‍්‍රීවරුන්ගේ නම් මෙලෙස ජනාධිපතිවරයා වෙත යෝජනා කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

යළිත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර වැඩි කරන ලෙස ඉල්ලා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් නිල ප‍්‍රකාශයක් හෝ නිවේදනයක් නිකුත් කර නැහැ.


(under the courtesy of nethnews.lk news web)

More News »