ලෝක කුසලානයේදී ලංකාවේ සිදුවිය යුතු ප්‍රධානම වෙනස ගැන ක්‍රිකට් ප්‍රවීණයෙක් කියයි

2019-03-25 05:22:00       600
feature-top
දිනේෂ් චන්දිමාල් හා ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් කිරීම ලෝක කුසලාන තරඟවලියට එක්වන ශ්‍රීලංකා කණ්ඩායමේ සිදුවිය යුතු ප්‍රධානම වෙනස්කම බවට හිටපු ක්‍රීඩකයෙකු වන සිදත් වෙත්තමුණි මහතා පෙන්වා දෙයි.

පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකර තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා තිබූ ඒ මහතා..

පළමුවෙන්ම කියන්න ඕනේ ලෝක කුසලාන යන කණ්ඩායමට චන්දිමාල් සහ මැතිව්ස් ඇතුළත්වීම අනිවාර්ය වෙන්න ඕනේ. ඒ දෙන්නා කණ්ඩායමට ඇතුළත් වුණොත් කණ්ඩායම ශක්තිමත් තත්ත්වයකට පත්වෙනවා. ඔවුන් දෙන්නා පිතිකරුවන් දෙදෙනකු ලෙස කණ්ඩායමේ සිටිය යුතුයි. අවිෂ්ක ප‍්‍රනාන්දු අනාගතයට ගොඩක් වැදගත් වන ක‍්‍රීඩකයෙක්, ඒ වගේම ඕෂධ ප‍්‍රනාන්දුත් හොඳයි.

කුසල් මෙන්ඩිස් ඉන්නවා. අවිෂ්ක, ඕෂධ සහ කුසල් මෙන්ඩිස් අතරට චන්දිමාල් සහ මැතිව්ස් ආවොත් අපේ පිතිකරණ අංශය ගොඩක් හොඳයි කියලයි මගේ අදහස. මම හිතන්නේ චන්දිමාල් සහ මැතිව්ස් ඇතුළත් කරලා අපිට යන්න පුළුවන් හොඳම කණ්ඩායම යැව්වොත් අපිට ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ. ලෝක කුසලාන වගේ තරගාවලියකට ඒ දෙන්නගෙ අත්දැකීම් ගොඩක් වැදගත්.

ඒ වගේම මම හිතන්නේ නෑ තරංග ලෝක කුසලාන කණ්ඩායමේ ඉඳියි කියලා. මොකද ඔහුගේ දස්කම් සම්බන්ධයෙන් වර්තමානයේ ප‍්‍රශ්නයක් තියෙනවා යනුවෙන්ද සඳහන් කර තිබුණි.


(under the courtesy of nethgossip.lk news web)

More News »