හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැණුනු ඉරාන ජාතිකයින් 09 දෙනාගෙන් රඳවා ගෙන ප‍්‍රශ්න කිරීමට අවසර

2019-03-25 03:47:00       603
feature-top
හෙරොයින් මත්කුඩු කිලෝ 107කට අධික ප‍්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන් 9 දෙනා ලබන 29වනදා තෙක් රඳවාගෙන  ප‍්‍රශ්න කිරීමට අධිකරණය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අද (25) අවසර ලබා දුන්නා. ඒ, ඔවුන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

බහුදින ධීවර යාත‍්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප‍්‍රවාහනය කරමින් සිටියදී මෙම ඉරාන ජාතිකයන් 9දෙනා ඊයේ දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැණුනා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අද ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් සිය කාර්යංශය භාරයේ රදවාගෙන ප‍්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙසයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.


(under the courtesy of nethnews.lk news web)

More News »