කරුවල ජයසූරිය පොදු අපේක්‍ෂකයා කියන කොටම සුබ පෙරමග සලකුණු..රට පුරා ලයිට් කපයි..

2019-03-25 03:26:00       607
feature-top
2001-2004 කාලය තුල හිටියා විදුලි බල ඇමති කෙනෙක්.ඒ විදුලි බල ඇමතිතුමා ඉන්න කාලයේ මුලු රටම කලුවරේ.එදා හිටිය විදුලි බල ඇමති කවුද කියල ඔබල දන්නව.එතුමා ඉන්නකම් රටම කලුවරේ.දැන් ආයෙත් සැරයක් එදා හිටිය විදුලි බල ඇමති වරයා කනින් කොනින් වටින් පිටින් මාධ්‍ය හරහා අපිට ඇහෙනව ඔහු ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කියල. යයි ඒකාද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායකරත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කීය.

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් මේනක දිසානායක මහතාගේ නිවසේ පැවැති සතිපතා පැවැත්වෙන ඉරිදා විග්‍රහය මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රී වරයා මෙම අදහස් පල කරන ලදී.

මේක සුබ ලකුණක් පෙර ලකුණක් වෙන්න ඕන ජනාධිපති අපේක්ෂකයා කියල කියන කොටම රටම ආයෙත් අදුරේ.ඒ නිසා මින්ස්සු අතර කතාවක් යනවා කලුවරේ ජයසූරිය කියල.දැන් ආයෙත් සැරයක් කලුවරේ ජයසූරිය මහත්තයාගේ නම කියනවත් එක්කම රටම අදුරේ ඉන්න වෙලා තියෙන්නේ.

මහින්ද රාජපක්ෂ පාලන කාලයේ මේ විදුලි බලාගාරය නොරොච්චෝලේ හැදුවේ නැත්නම් රටම අදුරේ කියන එක පිළිබදව නැවතත් කුමන කතාද.රටේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අක්‍රීය වෙනවා විදුලිය කපන කොට විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය ක්‍රමවේදය තමයි ඉස්සර වෙලා දැනුම් දෙනවා මේ දවසේ අපි විදුලිය කපනවා කියල. නමුත් දැන් පූර්ව දැනුම්දීමකින් තොරව රටම අදුරේ තියනවා.

අපි ආණ්ඩුවට කියනවා මේ රටේ ජනතාවට අකණ්ඩව විදුලිය සපයා දීම වගකීමක්.මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ අපි ජනතාවට සියයට අනූපහක් වෙන්න ජනතාවට විදුලිය ලබා දුන්නා.විදුලිය බිද වැටීමකින් තොරව මොනතරම් පෑව්වත් මොනතරම් වැස්ස නැති වුනත් විදුලිය දෙන්න එදා ආණ්ඩුවට හැකියාවක් තිබුනා.

දැන් කාසල් රී උඩින්තියන අහසට,මාවුස්සා කැලේ කොත්මලේ ඉන්ජේක්සන් ගහනවලු රසායනික වැසි වස්සවල විදුලිය දෙන්න හදනව.හැබැයි අපි ආණ්ඩුවට කියනව රසායනික වැහි නෙවෙයි අහස ගෙනත් පොලොවෙන් තිවිවත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට මේ රටේ තියෙන මේ ප්‍රශ්ණ විසදීම සදහා හැකියාවක් නැහැ කියන එක තමයි අපි ආණ්ඩුවට මතක් කල යුතුයි.
(under the courtesy of lankacnews.com news web)

More News »