සන්ධානය යලිත් ජාතික ආණ්ඩුවකටද..මහ ලේකම් අමරවීර හෙලි කරයි..

2019-03-25 03:25:00       601
feature-top
එක්සත් ජාතික පක්‍ෂය සමගින් නැවතත් ජාතික ආණ්ඩුවක් ඇතිකිරීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය කිසිදු තීරණයක් ගෙන නැති බව සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූයේ නැවතත් ජාතික ආණ්ඩුවකට එක්වීමට නොවන බවද ඒ මහතා සදහන් කරයි.

ඒ සම්බන්ධයෙන් පලවන වාර්තා අසත්‍ය යයිද මහ ලේකම්වරයා කියා සිටී.

නමුත් විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙකු පුද්ගලිකව ආණ්ඩුවට එක්වුවහොත් එය පුද්ගලික තීන්දුවක් බවත් නමුත් එය පක්‍ෂය විසින් අනුමත නොකරන බවත් ඔහු තව දුරටත් කියයි.
(under the courtesy of lankacnews.com news web)

More News »