මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට චීනයෙන් ඩොලර් 989ක ණයක්

2019-03-23 03:45:00       598
feature-top
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වු කොටසේ ඉදිකිරීම් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 989ක සහනදායි ණය මුදලක් චීන එක්සීම් බැංකුව විසින් ලබා දී ඇත.

අදාළ ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1164ක් වන අතර චීනය විසින් ලබා දෙන මෙම ණය මුදලින් එහි සියයට අසුපහක ප්‍රතිශතයක් ආවරණය වන බව සඳහන්ය.

චීන එක්සීම් බැංකුව විසින් ශ්‍රි ලංකාව වෙත ලබා දුන් විශාලතම ණය මුදල මෙය වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතා සහ ශ්‍රි ලංකාවේ චීන තානාපති චෙන් ෂු යුවන් මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ දී ඊට අදාළ ගිවිසුමට අත්සන් තබා ඇත.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස ඉදිකිරීම දේශිය වාණිජ බැංකුවල මූල්‍යාධාර යටතේ මේ වනවිටත් ආරම්භ කර ඇති අතර අධිවේගී මාර්ග ජාලය ඉදිකිරීම කඩිනම් කිරීම සඳහා චීනය විසින් අදාල ණය මුදල ලබා දී ඇති බව සඳහන්ය.

මධ්‍යම අධිවේගී මාර්ගය පිටත වට රවුම් අධිවේගී මාර්ගයට සහ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ කිරීම සඳහා වන අතුරු මාර්ග ඉදිකිරීම සහ ගුවන් තොටුපල වාණිජ නගර යනාදීයට සම්බන්ධ කිරීම සඳහා වන ඉදිකිරීම් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසා සිටියි.


(under the courtesy of adaderana.lk news web)

More News »