එදා ෂොපින් එකේ රෙදි අරන් පැන ආ බදියුදීන්ට අද මෙතරම් ධනය කොහෙන්ද..-පැමිණිලි කෙරේ

2019-03-23 12:24:00       602
feature-top
අමාත්‍ය රිශාඩ් බදියුදීන්ගේ වත්කම්, ආදායම්ල හා බැර කම් පිළිබඳව පරීක්‍ෂණයක් කරන්නැයි අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් කරන ලද පැමිණිල්ල මෙසේ වෙයි.

අමාත්‍ය රිශාඩ් බදියුදීන්ගේ වත්කම්, ආදායම්, හා බැර කම් පිළිබඳව

වගඋත්තරකරුවන් :-

අමාත්‍ය රිශාඩ් බදියුදීන් – කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳව අමාත්‍යාංශය, ගාලුපාර, කොළඹ

විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් අමාත්‍ය රිශාඩ් බදියුදීන්ට සමාජයේ විශාල චෝදනා රැසක් එල්ලවේ. ඒ ඔහුගේ යටතේ සිදුවූ උතුරු වසන්තය නම් වැඩසටහන තුළින් 2011 හා 2012 යන වසරේ දී සිදුවූ නැවත පදිංචි කිරීම් මත උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් ය.

මෙම කාරණාවෙ දී ඔහුට යම් ආදායමක් ලැබී ඇත්ද යන්නත්, ඔහු සතු වත්කම් ඔහු සොයා ගත්තේ කෙසේද යන්නත් සමාජයේ දැඩි ප්‍රශ්ණයක් බවට පත්ව ඇත.

2019 මාර්තු මස 21 වනදා Neth FM බැලුම්ගල වැඩ සටහනේ දී “ඔබ තුමා ‍යුද්ධය කාලයේ දී ශොපින් බෑග් එකක රෙදි දාගෙන ආපු කෙනෙක් නේ, එතනින් බේරිලා ආපු කෙනෙක් නේ” කියා නිවේදකයා ප්‍රකාශ කරනා විට අමාත්‍ය රිශාඩ් දුරකථනය විසන්ධි කරයි.

මේ හේතුවෙන් ඔහුගේ වත්කම් හා ආදායම් පරික්ෂා කර යුතු බවට සමාජයේ විශාල මතයක් නිර්මාණය වී ඇත. මේ අනුව ඔහුගේ වත්කම්, ආදායම්, බැර කම් පරීක්ෂාවකට ලක් කරන ලෙස අපි ඔබ කොමිෂන් සභාවෙන් මින් ඉල්ලා සිටිමු.
(under the courtesy of lankacnews.com news web)

More News »