"විදුලි අර්බුදයක් ඇති කර වැඩි මිලට ක්ෂණික විදුලිය මිලදී ගන්න මාෆියාවක්" ඉදිරියටත් රට පුරා විදුලි නොදන්වා කප්පාදුවක්

2019-03-23 11:31:00       593
feature-top
විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව විදුලි ඉංජිනේරුවරුන් පවසනවා. නැවත වර්ෂාව ලැබී ජලාශ වල ජල මට්ටම් ඉහළ යනතුරු මෙලස විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවත්, ඒ් පිළිබව අදාළ බලධාරීන්ට ප්‍රකාශ කර අැති බවත් විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ප්‍රකාශ කරනවා.

ඒ අනුව විදුලි ඉංජිනේරුවරුන් විසින් පසුගිය 18 වනදා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා මාර්ගයෙන් ඒ පිළිබව විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයාට ඒ බව දැනුම් දී අැති බවයි වාර්තා වන්නේ. මේ අතර විදුලිය විසන්ධි කළ යුතු ක්‍රමවේදය ද ඉංජිනේරුවරුන් විසින් අමාත්‍යාංශ බලධාරින්ට දැනුම්දී ඇති අතර මේ වනතුරු විදුලිය කප්පාදු කිරීම පිළිබඳ කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර පසුගියදා විදුලි බල හා බලශක්ති, ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මේ දිනවල පවතින අධික වියලි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් විදුලි ඉල්ලුමේ පැහැදිළි වර්ධනයක් සිදුවී අැති බවත්, සෑම වර්ෂයකම ජනවාරි සිට අප්‍රේල් මාස වලදී විදුලි ඉල්ලුම ඉහල යාමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරන බවත්,   මේ තත්ත්වයන් මත විදුලි කප්පාදුවකට සිදු කිරීමට අදහස් කර නොමැති බවත්ය.

කෙසේ නමුත් ලංවිම සේවකයන් චෝදනා කළේ විදුලි අර්බුදයක් ඇති කර වැඩි මිලට ක්ෂණික විදුලි මිලදී ගැනීම සඳහා වූ විදුලි මාෆියාවක් ක්‍රියාත්මක බවයි. ඒ අනුවට රට පුරා විදුලි කප්පාදුවක් සිදුකර ජනතාව පීඩාවට පත්කරමින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමට සැලැස්සවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවද ඔවුන් සදහන් කළා.


(under the courtesy of nethgossip.lk news web)

More News »