අයවැය දිනන්න දැනට තියෙන අංක ඇති-ශ්‍රීලනිපයේ සහාය අවශ්‍ය නෑ-අර්ජුන

2019-03-23 11:26:00       595
feature-top
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැය සඳහා සහාය පළ නොකිරීම අය වැය ජය ගැනීම සඳහා ප්‍රශ්නයක් නොවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසා සිටියි.

මීට පෙර අවස්ථාවන් වලදී මෙන්ම ඉදිරියේදීත් අයවැය ජයග්‍රහණය කිරීම නිසැකවම සිදු වන බවත් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද අවශ්‍ය නොවන බවත් ඒ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

ජා ඇල ඒකල ප්‍රදේශයේ බස් වැඩබිමේදී ඊයේ (22) පැවති වැඩසටහනකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »