ජනාධිපතිවරණයත් කල් දමන බවට මුල්ම හෙලිදරවුව මෙන්න..යලිත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමක්..

2019-03-23 11:23:00       604
feature-top
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුරකාලය අවසන් වන්නේ 2020 මැයි 26 වැනිදා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් වසන්ත පෙරේරා මහතා පවසයි.

19 වන සංශෝධනය ක‍්‍රියාත්මක වන්නේ කතානායකවරයා ඊට අත්සන් තැබු දිනයේ සිට නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවත් ඔහු සදහන් කරයි.

තම ධුර කාලය ක‍්‍රියාත්වක වන කාල සීමාව සම්බන්දයෙන් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරනයේ මතය විමසුවහොත් ස්ථිර වශයෙන්ම එම තීරණය ලැබෙන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත් මීට පෙර ජනාධිපතිවරයා විසින් තම ධුර කාලය වසර පහක්ද හයක්ද කියා විමසූ අවස්ථාවේදී උපරිමාධිකරණ මතය වූයේ වසර පහක් බවයි.

මේ අතර මැතිවරණ කොමිසම සදහන් කරන්නේ මෙම වසරේ ඔක්තොම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් කැදවීම ස්ථිර බවයි.
(under the courtesy of lankacnews.com news web)

More News »