මුදල් අමාත්‍යාංශයේ ලොක්කියකට වරෙන්තු..

2019-03-22 01:06:00       600
feature-top
අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උසාවියේ පැවති අල්ලස් කොමිසමට සම්බන්ධ නඩුවකදි එහි සාක්ෂිකාරියෙකු ලෙස නම් කර තිබූ රොස් මේරි ඔල්ගා මහත්මිය අධිකරණයට නොපැමිනි හෙයින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් වරෙන්තු නිකුත් කරන ලදී .

මෙහිදී මහේස්ත‍්‍රාත් වරිය වරෙන්තු නිකුත් කිරීමට පෙර අල්ලස් කොමිසම විසින් පෙනී සිටි නීතීඥ වරයාගේ විමසා සිටියේ ඔල්ගා මහත්මිය නිල සාක්ෂි කාරියෙක් ද යන වගයි.

එහිදී නීතීඥ වරයා අධිකරණයට ප‍්‍රකාශ කල සිටියේ ඇය නිල සාක්ෂි කාරියෙකු නොවන බවයි.

එබැවින් වහාම එම නඩුව මැයි 10 වන දිනයට කල් තබමින් ඔල්ගා මහත්මිය වෙත වරෙන්තුවක් නිකුත් කලේය.

ඔල්ගා මහත්මිය මුදල් අමාත්‍යාංශයේ මහා බණ්ඩාගරයේ ප‍්‍රසම්පාදන අංශයේ හිටපු අධ්‍යයක්ෂිකාවක් මෙන්ම දැනට මුදල් අමාත්‍යාංශයේ අධයක්ෂ ජෙනරාල් වරියක් වශයෙන් කටයුතු කරයි
(under the courtesy of lankacnews.com news web)

More News »